ශ්‍රී ලංකා නිදහස්පක්ෂ මැයි දින රැලිය මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැලිය පැවැත්වීමටද සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ සියලු වෘත්තීය සමිති මෙම මැයි දින රැලියට සහභාගි කරගැනීමටද එම පක්ෂය සැලසුම් කර තිබේ.මැයි දින රැලිය පැවැත්වීමේ කටයුතු සඳහා මැයි දින රැලි කමිටුවක් පත් කිරීමට නියමිත අතර, ඒ සඳහා වන සියලුම කටයුතු එම කමිටුව හරහා සිදුකිරීමට නියමිතය.
මීට අමතරව විශාල මැයි දින පෙළපාළි නොපැවැත්වීමටත්, සාමාන්‍ය පෙළපාළි පවත්වා මෙම රැලිය පැවැත්වීම කෙරෙහිත් පක්ෂයේ අවධානය යොමුව ඇත.