රජයේ අමාත්‍යධුර හොබවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 26 දෙනාගෙන් 16 දෙනෙකු පමණ අමාත්‍යධුර අත්හරිණු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී. ඒකනායක මහතා පැවැසීය.
මෙම තීරණය එළැඹෙන සතියේදී ගනු ඇති බවද ඔහු සඳහන් කරයි. අදාළ අමාත්‍යවරන්ගේ ඡන්ද දායකයන්ගේ පීඩනය හමුවේ ඔවුන් මෙසේ රජයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
පාර්ලිමේන්තුව විසුරුවා නොහැරියහොත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැළි මාතරින් ආරම්භ කරන බවත් ඔහු සඳහන් කළේය.
ඩේලිමිරර් ඇසුරෙනි