ශ්‍රී ලංක නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ රැස්වීමක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24දා) පැවැත්වීමට නියමිතව තිබේ.
ජාතික ආණ්ඩුවේ තවදුරටත් කටයුතු කරනවාද නැත්ද යන්න පිළිබඳ අවසන් තීරණය මෙහිදී ගැනීමට නියමිත අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ ගැනද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.
මේ අතර විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාච ඊයේ රාත්‍රියේ සාකච්ඡාවක් පවත්වා ඇත.
එම කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයේ අසුන් ගැනීමට දැනටමත් තිරණය කර ඇත.
තම තීරණය පිළිබඳව පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද දැනුවත් කිරිමට ඔවුන් තීරණය කර ඇත.