ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ බෙදීම සඳහා හිටපු ජනපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වගකිව යුතු බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසිය.
ඊයේ (20දා) මාතරදි පැවති මාධ්‍ය සාකචිජාවකදී ඔහු මෙම අදහස් දැක්වීය.
පසුගියදා චන්ද්‍රිකා මැතිණිය කුරුණෑගල දිස්ති‍්‍රකයේ ආසන සංවිධායකවරු පළාත් මනිති්රවරුන් කැඳවලා කියලා තියෙනවා, මේ සමගිය වෙන්නෙ නැහැ, මහින්දට නොමිනේෂන් දෙන්නෙ නැහැ, අගමැති අපේක්ෂකයා විදියට පත්කරන්නෙත් නැහැ, ඒ නිසා කාලය නාස්ති කරන්න එපා කියලා. ඊට පස්සෙ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා කියනවා මහින්දට අගමැතිකමවත්, නොමිනේෂන්වත් , ජාතික ලයිස්තුවවත් දෙන්නෙ නෑ කියලා.
රාජිත සේනාරත්න මේ කියන්නෙ ශුද්ධ වු බොරුවක්. මහින්ද රාජපක්ෂ කියන්නේ දේශපාලන යාචකයෙක්වත් යදින්නෙක්වත් නෙමෙයි. එතුමා ඔය කිසිම තනතුරක් ඉල්ලන් කාගෙවත් පස්සෙන් ගිහින් නැහැ. මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට එහෙම අපහස කරන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා. ඒ නිසා අපට බොහොම පැහැදිලියි මහින්ද - මෛති‍්‍ර සමගි කරවිමට අකමැති දෙදෙනෙක් ඉන්නවා, එක්කෙනෙක් රාජිත අනෙක් කෙනා චන්ද්‍රිකා නෝනා." යැයි ඔහු පැවැසීය.