ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකයෝ දෙදෙනෙකු නැති බවත්, සිටින්නේ එක් නායකයෙකු පමණක් බවත්, මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගන්නා තීරණවලට අනුව සියලු දෙනා කටයුතු කළ යුතු බවත් පානදුර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
පක්ෂයේ සභාපති ධුරය මෛත්‍රීපාල සිරිසේන මහතා බලෙන්ලබාගත් එකක් නොව ඒමහතාට නීත්‍යනුකූලව ලබාදුන් එකක් බවද ඔහු පවසා සිටියේය.
එම කටයුත්ත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැමැත්තෙන් සිදුකළ බවත්, එහෙත් සභාපතිකම බාර දී ටික දිනකින් පසුව යම් යම් පිරිස් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කකුලෙන් ඇදීමට පටන්ගත් බවත් ඔහු සඳහන් කළේය.
කවුරුන් කුමන දෙයක් කීවද පක්ෂයේ නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගන්නා තීන්දුවලට හිස නැමිය යුතු බවද ඔහු පවසා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පත්කළ නව ආසන සංවිධායකවරුන් අද (02දා) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.