ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් පස්දෙනෙකු පත්කිරීමට ජනපත මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේය.
වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා බිංගිරිය ආසනයේ සංවිධායක ලෙසද, අම්පාර නගරාධිපති ඉන්දික නලින් ජයවික්‍රම මහතා අම්පාර (දකුණ) ආසනයේ සංවිධායක ලෙසද, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක මහතා හා වරකාපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති කිත්සිරි විජෙතුංග යන මහත්වරුන් දැදිගම අාසනයේ සම සංවිධායකවරුන් ලෙසද, වත්තල ආසනයේ සංවිධායක ලෙස බස්නාහිර පළාත් සභා අමාත්‍ය නිමල් ලන්සා මහතාද පත්වීම් ලබාගත්හ.