ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව දිස්ත්‍රික් සංවිධායකවරු හත් දෙනෙකු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කොට තිබේ. පෙරේදා (21දා) මෛම පත්වීම් සිදුකර ඇති බව ජනපති මාධ්‍ය අංශය අද (23දා) නිවේදනය කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය නියෝජනය කල ඉදිරි පෙළ ක්‍රියාකාරි නියෝජිතයින් හත් දෙනෙකු මෙලෙස දිස්ත්‍රික් සංවිධායකවරු ලෙස පත්කොට ඇති බවද ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
නව දිස්ත්‍රික් සංවිධායකවරු
සුමුදු විජේවර්ධන - කොළඹ
සනත් පද්මසිරි - කුරුණෑගල
ඒ.ඒ.ඒ. ලතීෆ් - කුරුණෑගල
ප්‍රියන්ත ප්‍රේමකුමාර -ත්‍රිකුණාමලය
රසික දේවප්‍රිය රත්නායක - බදුල්ල
එම්.එස්. සුබායිරි - මඩකලපුව
එස්. කජන්තන් - යාපනය