ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (12දා) ශ්‍රීලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව අද පස්වරු 2.00 ට ජනාධිපති නිල නිවසේදී මෙම රැස්වීම පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්යෙෂ්ඨයක් 'අද' ට පැවසීය.
මෙහිදී වත්මන් දේශපාලන තත්ත්වය සහ පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර, ඒකාබද්ධ විපක්ෂය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන ආකාරය පිළිබඳව මධ්‍යම කාරක සභාව විසින් අවසන් එකඟතාවකට පැමිණීමද මෙහිදී සිදුවනු ඇත.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කළ නිදහස් පක්ෂ නියෝජිතයන් කිහිප දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමද අද පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.