පළාත් පාලන මැතිවරණයේදී තරුණ නියෝජනය 50%ක් බවට පත් කරගැනීමට රටතුළ අරගලයක් දියත් කරන බවත් ඒ සඳහා සියලුම දේශපාලන පක්ෂවල සහයෝගය ලබාගැනීමට කටයුතු කරන බව ශ්රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ සඳහන් කරයි.
1981 ප්රා‘දේශීය සභා ආඥාපනත මගින් තරුණ නියෝජනය 40%ක් ලෙස පෙන්වාදී තිබූ බවත්, එම නීතිය ක්රියාත්මක කිරීම නිසා එම කාලය තුළ තරුණ තරුණියන් විශාල පිරිසකට දේශපාලනයට පැමිණීමට හැකිවූ බවද එම පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
දේශපාලනයට කාන්තාවන් කැඳවාගෙනඒම සඳහා කාන්තා නියෝජනය 25%ක් බවට පත්කර තිබෙන බවත්, එය හොඳ ක්රියාවක් බවද පවසා සිටියේය.
එහෙත් තරුණ නියෝජනය පිළිබඳව එවැනි තීරණයක් නොමැති බවත්, මේ නිසා පළාත් පාලන ආයතන පනත සංශෝධනය කර තරුණ ප්රජාවගේ ප්රතිශතය 50%ක් කරගැනීමට අරගලයක් දියත් කරන බවද සභාපතිවරයා සඳහන් කළේය.
මේ පිළිබඳව සියලුම පක්ෂවල නියෝජිතයන්ද දැනුවත් කර ඔවුන්ගේ සහයෝගය ලබාගැනීමට කටයුතු කරන බවද හෙතෙම පවසා සිටියේය.