ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ හා කොළඹ දිස්ත්රික් වෙනුවෙන් නව සංවිධායකවරුන් දෙදෙනෙක් පත්කර ඇත.ඒ අනුව ගම්පහ ආසන සංවිධායකවරයා ලෙස අජිත් බස්නායක මහතාත් කොළඹ දිස්ත්රික් සංවිධායකවරයෙක් ලෙස චමින්ද කුමාර සුදුසිංහ මහතාත් පත්කර ඇත. ඔවුන් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අතින් අද (26දා) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.