ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාවකාලික නිලධාරී මණ්ඩලය පත්කර ගැනීමට සාපේක්ෂව එම පක්ෂය සඳහා උපසභාපතිවරු 11 ක් හා උප ලේකම්වරු 7ක් පත්කර ගැනීමට කටයුතු කර තිබේ. නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (03දා) පක්ෂ සභාපති ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ.
උප සභාපතිවරු - ඒ. එච්.එම්. ෆවුසි, සරත් අමුණුගම, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, රෙජිනෝල්ඩ් කුරේ, පියසේන ගමගේ, විජිත් විජයමුණිද ද සොයිසා, මහින්ද සමරසිංහ, ඩිලාන් පෙරේරා, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල්ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්
නව උපලේකම්වරු - රංජිත් සියඹලාපිටිය, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, නියෝජ්‍ය අමාත්‍ය ලසිත් අලගියවන්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුමේධා ජී ජයසේන