ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම දිගටම ජාතික ආණ්ඩුවේ රැඳී සිටීමට තීරණය කළ බව පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
ඊයේ (05දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම් හා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එම කණ්ඩායම සමග සාකච්ඡාවක් පැවැත්වූ බවද හෙතෙම පවසා සිටියේය.
එම සාකච්ඡාවලදී ආණ්ඩුවේ අඩුපාඩු සකස් කරගෙන ඉදිරියට යෑමට තීරණය කළ බවද ඔහු සඳහන් කළේය.