ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත්වුවහොත් කුමක් සිදුවේදැයි යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා සිටීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව තිබේ.
මෙහිදී නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වුවහොත් අග්‍රාමාත්‍යධුරයට හා කැබිනට් මණ්ඩලයට කුමක් වන්නේදැයි යන්න පිළිබඳව දැන ගැනීම ජනපතිගේ අවධානය වී තිබේ.
මේ අතර අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත්කළ හැකිදැයි යනුවෙන් ජනපතිවරයා නීතිපතිවරයාගේ මතය විමසා සිටි අතර එහිදී නීතිපතිවරයා පවසා ඇත්තේ එසේ ඉවත්කළ නොහැකි බවයි.