ඉදිරි මහමැතිවරණයට ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා කලින් නම් නොකරන්නැයි ශ්රීලංනිප තරුණ පළාත් සභා මන්ත්රීවරු පිරිසක් අද (25දා) ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එම පක්ෂයේ නායකයින්ගෙන් ඉල්ලීමක් කළහ.
පළාත් 5 ක් නියෝජනය කරන මන්ත්රීවරුන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. පසඳයාපා අබේවර්ධන (ද.ප.), අනුරාධ ජයරත්න (ව.ප.), මල්ෂා කුමාරතුංග (බ.ප), පියුමාල් හේරත් (ම.ප.), තාරක බාලසූරිය (ස.ප.), චමිල දිසානායක (ස.ප.), වරුණ ලියනගේ (ස.ප.) ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් (ම.ප.), දුෂ්මන්ත මිත්රපාල (ස.ප.), ප්රභාත් ද අල්විස් (ස.ප.), දුල්ෂාන් පද්මසිරි කාරියවසම් (ද.ප.) යන මන්ත්රීවරුන් මෙයට සම්බන්ධ වී සිටියහ.
කෝට්ටේ සෝලිස් ශාලාවේදී මෙම ප්රවෘත්ති සාකච්ඡාව පැවැත්වුණි.