ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම අද (12දා) ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බවට මාධ්‍ය වර්තා පළ වුවද ඒවායෙහි සත්‍යතාවක් නොමැති බව රාජපක්ෂ මහතා පවසයි.
මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා තමන් සමග සාකච්ඡාවක් අද (12දා) සිදුකිරීමට නියමිත බවට වාර්තා පළ වුවද එම වාර්තාවන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බව හෙතෙම පෙන්වා දෙයි.
විවිධ වෘත්තිකයන්,ව්‍යාපාරිකයන්,අධ්‍යාපනඥයන්, දේශපාලනඥයන් ඇතුළු සමාජයේ විවිධ පුද්ගලයන් තමා හමුවී සාකච්ඡා කිරීම සාමාන්‍ය දෙයක් බවත් එහෙත් මාධ්‍ය මගින් ප්‍රචාරය වූ ආකාරයේ නිල හමුවක් අද (12දා) නොපැවෙත්වෙන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.