විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය ලබාදීමෙන් වැළකී සිටි 23 දෙනාගේ ස්ථාවරය වී තිබෙන්නේ ආණ්ඩුව සමග දිගටම රැඳී සිටීම බව ශ්‍රීලනිපයේ 23 කණ්ඩායම සඳහන් කරයි.
විශ්වාසභංගයට ඡන්දය නොදුන් 23දෙනාගේ ස්ථාවරය රටට හෙළි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපලේකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේ අදාළ නිදහස තම කණ්ඩායමට ලැබී තිබෙන බවයි.
විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් 16 දෙනා නැවත ආණ්ඩුව සමග එකතු වීමට කැමති නම් ඒ අයට අවස්ථාව ලබාදිය යුතු බවට එක්සත් ජාතික පක්ෂය නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහමහතා සමග තරයේ කියා සිටි බවත් ඔහු සඳහන් කළේය.
අද (25දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී උප ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩුවෙන් ඉවත්වන බවට කිසිදු සාකච්ඡාවක් පෙරේදා (24දා) රාත්‍රියේ පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී කතා නොකළ බවයි.
මධ්‍යම කාරක සභා රැස්වීමේදී කතාබහ කළේ පක්ෂ ප්රතිසංවිධානකටයුතු සහ පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු පිළිබඳ බවද ඒ මහතා පවසා සිටියේය. ආණ්ඩුවෙන් ඉවත් වීම පිළිබඳ කිසිවෙකු කතා නොකළ බවත්, මෙම 16 දෙනා ආණ්ඩුව සමග එකතු වුවහොත් ඔවුන්ට තනතුරු ලබාදිය යුතු බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය වී තිබෙන්නේ 39 දෙනාම එකට ආණ්ඩුවේ සිටීම බවත්, ආණ්ඩුවත් සමග සම්බන්ධ වීමට කැමතිනම් ඔවුන් වෙනුවෙන් සටන් කරන බවත් හෙතෙම සඳහන් කළේය.