ඒකාබද්ධ විපක්ෂය විසින් ගාල්ලේ පවත්වන මැයි රැළියට ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 16 දෙනාට ආරාධනා නොකළ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. එසේම නිදහස් පක්ෂයේ මැයි රැළියට එක් නොවන බවත් හිටපු ජනපතිවරයා පැවැසීය.
වර්තමානයේ සියලු වෘත්තීය අයිතිවාසිකම් නැතිකරමින් යන බවත් මොන සංශෝධනය කළත් නැවත රට ගොඩ නැගීමට නොහැකි බවත් ඔහු පැවැසිය.