SLFP 16 දෙනාගේ කණ්ඩායම විශේෂ සාකච්ඡාවක
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්රකාශ කර ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරුන් 16 දෙනා එක්වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ (18දා) කොළඹ පිහිටි පාර්ලිමේන්තු මන්ත්රී තිලංග සුමතිපාල මහතාගේ නිවසේදී පවත්වා තිබේ.
මෙහිදී එම කණ්ඩායමේ ඉදිරි ක්රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර ඇති අතර එහිදී මුලින්ම මහනුවරට ගොස් මහ නාහිමිවරුන් දැනුවත් කිරීමට, දෙවනුව පක්ෂ නායකයන් හා සාකච්ඡා කිරීමට හා තෙවනුව විවිධ කණ්ඩායම් හා සාකච්ඡා පැවැත්වීමට තීරණය කර තිබේ.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ ,
“ අපේ ඉදිරිවැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කළා. ඉදිරි මාස කිහිපයේදී අපි වැඩ කරන්නේ කොහොමද කියා සාකච්ඡා කළා. මුලින්ම අපි මහනුවරට ගොස් මහ නාහිමිවරුන් බැහැ දකිනවා.
දෙවනුව අපි පක්ෂ නායකයන් බැහැ දකිනවා. ඉන් අනතුරුව විවිධ කණ්ඩායම් සමග සාකච්ඡා කරනවා. විරුද්ධ පක්ෂයක් ලෙස අපි ආණ්ඩුවේ, එක්සත් ජාතික පක්ෂයේ ක්රියා කලාපයන් පිළිබඳව අපි කොහොමද මුහුණ දෙන්නේ. මේ රටේ ජනතාවට වන පීඩනය සම්බන්ධයෙන් අපි ජනතාවගේ පැත්තෙන් කළ යුතු කාර්ය භාරය පිළිබදව අපි දීර්ඝ ලෙස සාකච්ඡා කළා.
මේ මස 23 දායින් පසුව අපේ කාර්යභාරය ආරම්භ කරනවා. අපි ශ්රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් ලෙස විරුද්ධ පක්ෂයේ කටයුතු කරනවා. කොහොමවුණත් අපි එක්සත් ජාතික පක්ෂයත් සමග දීග කන්න ලෑස්ති නෑ. ඒක අපි තීන්දුවක් අරගෙන ඉවරයි. "
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


