SLFP 16 කණ්ඩායමේ පිරිසක් මැයි රැළිය වර්ජනය කරයි.
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 අද(07දා) මඩකලපුවේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැලියට සහභාගි වීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙනතිබුණද එම කණ්ඩායමේ පිරිසක් මේ සඳහා සහභාගි නොවීමට තීරණය කර ඇති බව අදට වාර්තාවේ.
එමෙන්ම ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු හෙට (08දා) සිට 15දා දක්වා දින අතර කාලයේදී සිදුකරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු වූ බවත්, ඒ ආකාරයෙන්ම පක්ෂ ප්රතිසංවිධාන කටයුතු සිදුවිය යුතු බවත් මෙම කණ්ඩායම ප්‍රකාශ කර තිබේ.
පක්ෂ ප්රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම 16 දෙනාගේ කණ්ඩායම ඉදිරිදිනවලදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කිරීමටද නියමිතය.
එමෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන්යාපා අබේවර්ධන මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදීඒ මහතා පැවසුවේ තම පුත්‍රයාගේ මංගල උත්සවය එදිනට යෙදී ඇති බැවින් ඒ සඳහා සහභාගි නොවන බවයි.
එමෙන්ම ශ්‍රීලංකා නිදහස් පක්යේ තනතුරු වෙනස් වීමක් සිදුවනතුරු පක්ෂයේ වේදිකාවට ගොඩ නොවන බවටද මෙම කණ්ඩායමේ ඇතැමුන් පවසා ඇති බවට අදට වාර්තාවේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැලියට සහභාගි වන්නේදැයි අපහිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතාගෙන් විමසූ අතර, හෙතෙම පැවසූයේ තමා පක්ෂ මැයි දින රැලියට සහභාගි වන බවයි.
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමේ මතය පිළිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා මෙසේ පැවසීය.
"ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මැයි දිනය සාර්ථක කරගැනීමට අපේ මන්ත්‍රී කණ්ඩායමේ සියලුදෙනා සහභාගි වෙනවා. පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් සියලු දෙනා සහභාගි වෙන්න තීන්දුවක් ගත්තා. සමහර ඇත්තන් පෞද්ගලික හේතු මත සහභාගි නොවුණත් අපි තීන්දු කළේ සියලු දෙනා සහභාගි වෙන්න. නොයන අය එක්කෙනෙක් දෙන්නෙක් මත තීන්දුව වෙනස් වෙනස්වෙන්නේ නැහැ. නියම ශ්‍රීලංකා කාරයෝ විදිහට අපි ඒ රැලියට යනවා".
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


