විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් නියෝජ්‍ය කථානායකවරයා ඇතුළු අමාත්‍යවරුන් 16 දෙනා තනතුරුවලින් ඉවත් වුවහොත් විශ්වාසභංග යෝජනාව ඉවත් කරගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේය.
එසේ නොමැතිව විශ්වාසභංග යෝජනාව ඉවත් කර නොගන්නා බවත්, 16 දෙනාටම එක් විශ්වාසභංග යෝජනාවක් ලෙස මෙය ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බවත් ඔහු පවසා සිටියේය.