ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂය විපක්ෂයට ගන්නා දිනය වැඩි ඈතක නොමැති බවත් ශ්‍රීලනිපයේ 10දෙනෙක් විපක්ෂයට ගන්නා බවත් හිටපු අමාත්‍ය එස්. බි. දිසානායක මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ මාතර උයන්වත්ත කි‍්‍රඩාංගණයේ පැවති ජන හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් පළකළ ඒ මහතා මෙසේද පැවසීය,
‘‘ ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂය එජාපය එක්ක ඉන්න ඉන්න අපේ පක්ෂය ගිලිහෙනවා. එහෙනමි වැඩිකල් යන්න මත්තෙන් අපේ පක්ෂයේ දස දෙනෙක් විපක්ෂයට ගන්නවා. ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂය විපක්ෂයට ගන්නා දිනය වැඩි ඈතක නැහැ. අපිට ඕන පොදුජන පෙරමුණ, ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ඒකාබද්ධ විපක්ෂය මේ සියල්ල එකතු කරලා එජාපයට, රනිල් වික්රමසිංට එරෙහි දැවැන්ත සංවිධානයක් ගොඩනගලා රටේ බලය ජනතාවට ලබාදෙන්න. ඒ දිනය වැඩි ඈතක නැහැ’’