මුල්ලේරියාව පොලිස් ස්ථානයේ සේවය කරන උප පොලිස් පරික්ෂකවරයෙක් සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි පොලීසිය කියයි.
මුල්ලේරියාව පොලිස් ස්ථානයේ පරීක්ෂක ශ්‍රේණියේ පොලිස් නිලධාරීන්ගේ නිවස්නය තුළදී ඔහු මෙසේ සියදිවි හානිකරගෙන ඇත.
ඉංගිරියේ පදිංචි අවුරුදු 57ක් වන පුද්ගලයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති අතර අද (21) පෙරවරුවේ මෙම සිදුවීම සිදුව තිබේ.