පසුගිය රඡය කළ අසාධාරණකම් වත්මන් රඡය මගින් නිවරදි කර ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර දුන් සරත් ෆෝන්සේකා මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දී ඇති බව මල්වතු පාර්ශවයේ මහනායක අති පූඡ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පැවැසූහ.
එසේම සිය කැබිනට් අමාත්‍ය ධුරයෙන් රට සංවර්ධනය කිරීම සඳහා ශක්තිය යොදවන්නැයිද උන්වහන්සේ අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆෝන්සේකා මහතාට ඊයේ (05දා) පැවැසූහ.
මල්වතු මහ විහාරයට පැමිණ මහ නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනිමට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ මේ බව පැවැසූහ.
තන්හාව, ඊර්ෂියාව, බලයට ඇති කෑදරකම, කුහකකම බලය ගිලිහුණු පිරිස් එකතුව සෑදීමට යන පක්ෂය තුළ පිරි ඇති බවත් තමන් එදා නව පක්ෂයක් සැදුවේ දූෂිත ඒකාධිපති පාලනයට විරුද්ධව බවත් මේ ආකාරයෙන් යටිකුට්ටු වැඩ කර කකුලෙන් ඇදිමට නොවන බව අමාත්‍යවරයා පැවැසීය.