ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාති ලැස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීම නීතිවිරෝධී බවත් ඔහු එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ශේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය.
ආචාර්ය පී. සර්වවනමුත්තු මහතා විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබීය. පෙත්සමේ වග උත්තරකරු ලෙස එජාප ලේකම් කබීර් හෂීම්, සරත් ෆොන්සේකා, මැතිවරණ කොමිසමේ සභාපති, පාර්ලිමේන්තු මහලෙක්ම්, නීතිපති ඇතුළු අට දෙනෙක් නම් කර තිබේ.