ෆීල්ඩ් සරත් ෆොන්සේකා මහතාගේ අහිමිකළ මන්ත්‍රීධුරය නැවත ලබාදෙන ලෙස ඉල්ලමින් ඔහුගේ පුද්ගලික ලේකම කපිතාන් සේනක ඒ සිල්වා මහතා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (15දා) විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කළේය.
මන්ත්‍රීධුරය අහිමිවී ඇත්තේ සරත් ෆොන්සේකා මහතාගේ බැවින් මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළ යුත්තේ සරත් ෆොන්සේකා මහතා බව අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා ප්රමුඛ විනිසුරු මඩුල්ල තීරණය කළේය.