අනුරාධපුර රාත්රී සමාජ ශාලා හිමිකරු ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (01දා) රාත්රියේ අත්අඩංගුවට ගත් එස්.එෆ් ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ සහ පෙරේදා (31දා) තංගල්ල ප්රදේශයේදී සහ අනුරාධපුර ප්රදේශයකදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (02දා) අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය සඳහන් කරයි.
මේ අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර, එම පිරිසෙන් 25 දෙනෙකුම මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.