අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වීම වෙනුවේන ඊයේ (30දා) සිරිකොත පැවැති උත්සවයට ජාතන්ත්රවාදී පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් හයදෙනෙක් සහභාගි නොවූහ.
මේ වනවිට විනය පරීක්ෂණවලට භාජනය වී සිටින පළාත් සභා මන්ත්‍රීවරුන් හතරදෙනා, දැනට ස්වාධීනව සිටිනබස්නාහිර පළාත් සභා මන්ත්‍රි සුසිල් කිඳෙල්පිටිය මහතා සහ වයඹ පළාත් සභා මන්ත්රීරංජිත් ගුණසේකර මහතා හැර අනෙකුත් මන්ත්‍රීවරු ඊයේ පැවැති උත්සවයට එක්ව සිටියහ.
රංජිත් ගුණසේකර මහතා අවසාන මොහොත දක්වා සරත් ෆොන්සේකා මහතා සමග දේශපාලන කටයුතුවල නිරතව සිටි අතර, වයඹ පළාත් සභාවේ ප්රජාතන්ත්රවාදී පක්ෂ කණ්ඩායම් නායකයා වශයෙන්ද කටයුතු කළේ ඔහුය.කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන ඒ මහතා එක්සත් ජාතික පක්ෂය සමග එක්වීම ප්‍රතික්ෂේප කර තිබේ.
මේ අතර රංජිත් ගුණසේකර මහතා ඉදිරි දින කිහිපයේදී ඒකාබද්ධ විපක්ෂය සමග එක්වීමට තීරණය කර ඇතැයිද වාර්තා වෙයි.
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව සිටින පසුබිමක තමා ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරුන් හතරදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම සඳහා තවදුරටත් විනය පරීක්ෂණ ඉදිරියට පවත්වාගෙන යෑම සදාචාර සම්පන්නදැයි විමසන බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රජිත හපුආරච්චි මහතා පැවසීය.
පසුගිය කාලයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්වූ බව සඳහන් කරමින් තමා ඇතුළුව අශෝකදයාරත්න,ආර්.එම්.එම්.රත්නායක,පද්මසිරි සිල්වා යන මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ පවත්වාගෙන යන බවද ඔහු කීය.
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ සියලු සාමාජිකයන් එක්සත් ජාතික පක්ෂය සමග එක්වුවද පක්ෂය විසුරුවා හැරීමක් සිදුනොවන බව ෆොන්සේකා මහතා ප්‍රකාශ කර තිබෙන බැවින් විනය පරීක්ෂණ පැවැත්වීමේ තේරුම කුමක්දැයි විමසා සිටින බවද ඔහු කීය.