ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නව කොමසාරිස් සී. රාමචන්ද්‍රන් මහතාගේ පත්කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනාවක් එල්ල කර තිබේ. ඔහු පවසන්නේ කලින් වැරදිකිරීම හේතුවෙන් තනතුරින් ඉවත් වූ පුද්ගලයෙක් මෙසේ පත්කර ඇති බවයි. එසේම වත්මන් රජය දිගින් දිගටම දූෂිත නිලධාරීන් තනතුරු සඳහා පත්කරමින් තිබෙන බවටත් ඔහු චෝදනා එල්ල කරයි.