තමන්ට අධ්‍යාපන සුදුසුකම් නොමැති බව පවසමින් එස්.බී. දිසානායක අමාත්‍යවරයා මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී අපහාස කළැයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා රුපියල් මිලියන 50ක (ලක්ෂ 500ක) වන්දි මුදලක් ඉල්ලා අද (03දා) කඩුවෙල අධිකරණයේ නඩුවක් ගොනු කළේය.
තමන්ගේ අධ්‍යාපනය පිළිබඳ එස්.බී. දිසානායක අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශවලින් තමන්ට සිදුවූ අපකීර්තියට වන්දි ඉල්ලා මෙලෙස නඩුවක් ගොනුකළ බව අධිකරණයෙන් පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජගත් කුමාර මහතා පැවසීය.
අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් ජනතාව නොමග යැවීමට එස්.බී. දිසානායක අමාත්‍යවරයා උත්සාහ දරන බවත්, තමන් නිහඬව සිටීම හරහා මෙම ප්‍රකාශ සත්‍යය යැයි ජනතාවට ඒත්තු යන බැවින් තම නිවැරදි බව ඔප්පු කිරීමට මෙම ක්‍රියාමාර්ගය ගත් බවත් හෙතෙම පවසා සිටියේය.
අධිකරණයෙන් තමන්ට සාධාරණයක් ඉෂ්ට වෙතැයි තමන් අපේක්ෂා කරන බවද ජගත් කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.
කඩුවෙල ආසිරි