අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් හමුවේ ඔහු මේ බව සඳහන් කළේය. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයිද ඔහු පැවැසීය.