නාවලපිටිය මධ්‍යමහා විද්‍යාලයේ අක්කර 11 ක භුමි ප්‍රමාණයක පසුගිය ආණ්ඩු සමයේ ඉදි කිරීමට ගිය ගුරු නිවාස ගම්මානය පිළිබඳව මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් අවසන් ප්‍රකාශයක් මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ලබාගන්නා අමාත්‍ය එස්.බී.දිසානායක මහතා නිලධාරීන්ට දැනුම් දුන්නේය.
අද (18දා) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙම ඉදිකිරීම් සැලසුම් අනුමත කිරීමකින් තොරව සිදුකරඇති බවට නාවලපිටිය එක්සත් ඡාතික පක්ෂ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද අලුත්ගමගේ මහතා අද (18දා) මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට දැනුම් දුන්නේය.