තමා වැඩිදුර අධ්‍යාපනය නොලද පුද්ගලයෙකු බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානි වූ බව පවසමින් ඒ හේතුවෙන් රුපියල් මිලියන 500 වන්දි ඉල්ලා ඔහුට එරෙහිව නඩු මගට පිවිසෙන බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය.
සිය නිවයේදී අද (20දා) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙස මීට සති දෙකකට පෙර සඳහන් කළද ඒ සඳහා ඔහු ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් නඩු මගට පිවිසෙන බව මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
කඩුවෙල ආසිරි දමින්ද