තමාගේ අදහස් ප්‍රකාශ කිරීම් හේතුවෙන් අස්ගිරි පාර්ශ්වීය සංඝයාවහන්සේලට යම්කිසි හිත් රිදීමක් සිදුවූයේ නම් ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටින බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවැසීය. කොළඹදී අද (21දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ සමාව ගැනීමට කටයුතු කළේය.
එසේම තම ප්‍රකාශ හේතුවෙන් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ද අපහසුතාවකට පත්වූයේ නම් උන්වහන්සේගෙන්ද සමාව ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.
අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව ඊයේ (20දා) මහනුවරදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඇතුළු වත්මන් රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මෙන්ම විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම විචේනය කරමින් අදහස් ප්‍රකාශ කරන්නට වූහ.