සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාට වෙඩි තැබීම ඔහු විසින්ම සැලසුම් කළ එකක් බවට හෙළිවී තිබෙන බැවින් එම නිලධාරියා වහාම අත්අඩංගුවට ගත යුතු බව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධි සංගමය සඳහන් කරයි.
තමන්ට වෙඩි තැබූ බවට පවසමින් සියලුම දෙනාම නොමග යවා තිබෙන බවත්, මෙය හුදෙක් ප්‍රධාන විධායක නිලධාරියා විසින් තනිවම සිදුකළ ක්‍රියාවක් යැයි සිතිය නොහැකි බවද එම සංගමයේ සම්බන්ධීකාරක වෛද්‍ය අසංග වික්‍රමසිංහ මහතා අද (01දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මීට අමතරව ප්‍රධාන විධායක නිලධාරියා වෛද්‍යවරයෙකු බවට ප්‍රකාශ කළද ඔහු වෛද්‍ය සභාවේ ලියාපදිංචි පුද්ගලයෙකු නොවන බවද හෙතෙම පවසා සිටියේය.