ජාවා සාගරයට කඩා වැටුණු එයාර් ඒෂියා QZ8501 යානයේ සුන්බුන් සාගර පතුලෙන් ගොඩගැනීමේ මෙහෙයුම් නවතා දැමීමට ඉන්දුනීසියානු ආරක්ෂක අංශ තීරණය කර ඇති බව පැවසෙයි.
දින තුනක් පුරා හුලං පිරවූ ආධාරක යොදාගනිමින් ගුවන් යානයේ රාමුව සාගරය මතුපිටට ගැනීමට මුදාගැනීමේ කණ්ඩායම් අඛණ්ඩ උත්සාහයක නිරත වුවත්, එය ආසාර්ථක වීමෙන් පසු මෙම තීරණයට පැමිණ තිබේ.
මෙම කොටස තුළ යානයේ සිටියවුන්ගේ මළ සිරුරු රැඳී ඇති බවට මුලින් විශ්වාස කළත් සාගර පතුලේ එවැනි මළ සිරුරු තවදුරටත් රැඳෙන්නට ඉඩක් නොමැති බවට ඔවුන් විශ්වාස කරයි.
පුද්ගලයන් 162 දෙනෙකු සමග සාගරයට කඩා වැටුණු යානයේ සිටි පිරිසෙන් මළ සිරුරු 70ක් පමණක් සොයා ගැනීමට හැකි වූ අතර එම කලාපයේ පැවති අයහපත් කාලගුණය මුදාගැනීමේ මෙහෙයුම් දැඩි අපහසුතාවට ලක් කළේය.