PTL සල්ලි ගත් කවුරු හරි ඉන්නවානම් JO වලින් ඉවත් කරනවා - GL
ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන් ‘පර්පෙචුවල් ටෙෂරීස්’ සමාගමේ අධිපති අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් මුදල් ලබාගෙන ඇතැයි ඔප්පු වුවහොත් එම සියලුම දෙනා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් කරන බව ජී.එල්.පීරිස්, ගාමිණී ලොකුගේ, තිස්ස විතාරණ යන මහත්වරු පැවසූහ.
බොරැල්ල එන්.එම්.පෙරේරා කේන්ද්‍රයේ අද (30දා) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔවුහු මේ බව පැවසූහ.
මෙහිදී ඔවුහු සඳහන් කළේ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමේ යම් මන්ත්‍රීවරයෙකු එලෙස මුදල් ලබාගෙන ඇතැයි ඔප්පු වුවහොත් ඔවුන් සමගද දේශපාලනය නොකරන බවයි.
පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට සාමාජිකයන් පත්කිරීමේදී අර්ජුන් අලෝසියස්ගෙන් මුදල් ලබානොගත් මන්ත්‍රීවරුන් පත්කිරීමට කථානායක කරු ජයසූරිය මහතා සෘජු තීන්දුවක් ගතයුතු බව ජී.එල්.පීරිස් මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
බැඳුම්කර සිද්ධිය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාරේ ගමන් කිරීමට පවා නොහැකිවී ඇති බව ගාමිණී ලොකුගේ මහතා මෙහිදී සඳහන් කළේය.
අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත්තේදැයි ජනතාව අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට සිදුව තිබෙන බවත්, එලෙස මුදල් ලබාගෙන ඇති මන්ත්‍රීවරුන් කවුරුන්දැයි හෙළිකොට අනෙකුත් මන්ත්‍රීවරුන්ගේ නිර්දෝෂිභාවය ඔප්පු කළ යුතු බවත් හෙතෙම මෙහිදී පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


