පර්පචුවෙල් ටේරෂරීස් සමාගම් සමූහයේ සහෝදර සමාගමක් වන ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමෙන් එක්තරා ඇමතිවරයකුට දුන් රුපියල් මිලියනය බැගින් වටිනා චෙක්පත් තුනක් එම මන්ත්‍රීවරයාගේ අනුදැනුම මත ඔහුගේ ආරක්ෂක නිලධාරියා මගින් ඇමතිවරයාට දී ඇති බව අද (07දා) අධිකරණයට වාර්තා කෙරිණි.
පර්පචුවෙල් ටේරෂරීස් සමාගම් සමූහයේ සහෝදර සමාගමක් වන ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමෙන් එක්තරා ඇමතිවරයකුට දුන් රුපියල් මිලියනය බැගින් වටිනා චෙක්පත් තුනක් එම මන්ත්‍රීවරයාගේ අනුදැනුම මත ඔහුගේ ආරක්ෂක නිලධාරියා විසින් බැංකුවකින් මාරු කොට රුපියල් ලක්ෂ 30ක මුදලක් ඇමතිවරයාට දුන් බව එම ආරක්ෂක නිලධාරීවරයා රහස් පොලීසියට පවසා ඇතැයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට අද (07දා) දැනුම් දුන්නේය.
සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශනවල ප්‍රගතිය දැනුම් දෙමින් රහස් පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මෙලෙස මුදල් ලබාදී ඇත්තේ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාට බව සඳහන් කොට ඇත.