කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරීමටත්, අදාළ ආයතනවල සහයෝගයෙන් පූර්ණ පාරිසරික බලපෑම් තක්සේරුවක් වහාම ආරම්භ කරන ලෙසට මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දීම පිණිසත්, එම ව්‍යාපෘතිය නැවත ආරම්භකිරීමේ හැකියාව සොයාබැලීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කළබව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය.
වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පවත්නා ගැටලු සහ ව්‍යපෘතියේ ක්‍රියාකාරකම්වල ප්‍රගතිය පිළිබඳ වාර්තා කිරීම පිණිස අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුවක් අමාත්‍ය මණ්ඩලය විසින් පත්කර ඇති අතර, අදාළ ආයතනවල සහයෝගයෙන් පූර්ණ පාරිසරික බලපෑම් තක්සේරුවක් වහාම ආරම්භ කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දීමටත් තීරණය කර තිබේ.
එය නිම කිරීමෙන් පසුව අදාළ ව්‍යාපෘතියේ කටයුතු නැවත ආරම්භ කිරීම පිළිබඳව සලකා බැලීමට මෙහිදී යෝජනා වූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.