ඉන්ෆ්ලුවෙන්සා රෝගයට ප්‍රතිකාර කිරීමට භාවිත කරන Oseltamivir ඖෂධයේ කිසිඳු හිඟයක් නොමැති බව වෛද්‍ය සැපයුම් අංශය නිවේදනය කරයි.
ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය ශ්‍රී ලංකාව තුළ වර්ධනය වීම හේතුවෙන් Oseltamivir ඖෂධයේ අවශ්‍යතාව 15 ගුණයකින් පමණ වර්ධනය වුවත් වෛද්‍ය සැපයීම් අංශය තුළ පැවැති තොග හදිසි අවශ්‍යතාව සැපිරීමට යොදාගත් බවත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වෙයි.
එසේම ඊයේ (11දා) මෙම ඖෂධයේ තොගයක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ලැබීමට නියමිතව තිබුණ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.