අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් ව සිටි 18 හැවිරිදි තරුණයකු හදිසියේ විවාහ වී සිය බිරිඳට සැපවත් දිවියක් ගත කිරීම සඳහා රුපියල් ලකෂ ගණනක් සොරකම් කර පොලිස් අත්අඩංගුවට පත්වූ පුවතක් ගම්පොළින් වාර්තාවෙයි. මොහු මෙසේ රුපියල් ලක්ෂ 32 ක රන් භාණ්ඩ සොරාගෙන ඒවා රජයේ බැංකු ඇතුළු ආයතන 18ක උගස්කොට තිබියදී ගම්පොළ පොලීසිය මගින්සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මේ සමග එම මුදල් වලින් මිලදී ගෙන තිබූ ත්‍රිරෝද රථයක්, විශාල ගෘහ භාණ්ඩ හා විද්‍යුත් උපකරණ රාශියක්ද අත්අඩංගුවට ගෙන ඇත.
ගම්පොළ මවුන්ටෙන්පල් ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ මෙම සැකකරු ගම්පොළ නගරයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපන ලැබූවෙකි.ඉගෙනීමට දක්ෂ මොහු විශිෂ්ට සාමාර්ථ 09 ක් සමග අ.පො.ස. (සා.පෙ) විභාගය සමත්ව ඇත. පාසල් ප්‍රේමයත් සමග හදිසියේ විවාහ වී ඇති මොහු රැකියාවක් නොමැතිව ජීවත්වීමට නොහැකිව විවිධ කුලී වැඩ කරමින් සිට ඇත.
ගම්පොළ - සුරංග දිල්හාන්