සේවා අවශ්‍යතාව මත පොලිස් ස්ථානාධිපතිවරු හය දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදීමට පොලීස් මූලස්ථානය කටයුතු කොට තිබේ. පොලිස් ස්ථානමාරුවිම් ලබාදීම් සලකා බලන කමිටුවේ අවසරය ඇතිව පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා මෙම ස්ථානමාරුවීම් ක්‍රියාත්මක කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. අද (05දා) සිට ස්ථානමාරුවීම් ක්‍රියාත්මක වෙයි.