ඉන්දියාව හා මැලේසියාව තුළතම‘No Fire Zone’චිත්‍රපටය අන්තර්ජාලය හරහා නිකුත් කළාසේම ශ්‍රී ලංකාව හා නේපාලය තුළත් එය අන්තර්ජාලය හරහා නිකුත් කිරීමට කටයුතු කරන බව බ්‍රිතාන්‍ය චිත්‍රපට අධ්‍යක්ෂක කැලම් මැක්රේ පවසයි.
ඉන්දියාව තුළ‘No Fie Zone’චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය සඳහා අවශ්‍ය අවසරය ලබාදෙන ලෙසට ඉල්ලීම් කළත්,ඉන්දියාව එයට අවසර නොදුන්නේය. නමුත් තමිල්නාඩුව හා එක්ව මැක්රේ විසින් ඊයේ (23දා) ස්කයිප් හරහා චෙන්නායි නුවරදී අදාළ චිත්‍රපටය විකාශය කළේය.
මාර්තුමස තුන්වැනිදා ආරම්භවන මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව පිළිබඳව හොඳ සූදානමකින්අනෙකුත් රටවල්හි රාජ්‍ය තාන්ත්‍රිකයන්ට සමුළුවට අවතීර්ණ වීමට තම චිත්‍රපටය රුකුලක් වනු ඇතැයි මැක්රේ විශ්වාසයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලබයි.