ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරියෙකුට එරෙහිව ළමා අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් එල්ලවූ චෝදනාව සාවද්‍ය බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
එම පැමිණිල්ල 2016 වර්ෂයේදී නිර්නාමිකව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබී තිබූ අතර, ඒ පිළිබඳව ස්වාධීන විමර්ශනයක් සිදුකරන ලදී.
එහිදී අදාළ 17 හැවිරිදි ළමයාගේ ප්රකාශයෙන්ද තහවුරු වූයේ එවැනි කිසිදු බලපෑමක් අදාළ නිලධාරියාගෙන් සිදුනොවූ බව යැයිද එම අධිකාරිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.