රජය මගින් හඳුන්වාදෙන 4% ක් වන ජාතිය ගොඩනැගීමේ බද්ද විදුලි බිලට එකතු නොකරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා නවපරිශ්රයක වැඩබාර ගැනීමේ අවස්ථාවට අද (30දා) එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“විදුලි බලය නොලැබුණ ඉතිරි 2% ප්‍රමාණයට විදුලිය ලබාදෙනවා. ඒක ලොකු වගකීමක්. ඒ වගේම විදුලිය සපයන්න කැපවෙලා සිටින 20,000 කට ආසන්න සේවක පිරිසක් තෘප්තිමත් ආකාරයෙන් පවත්වාගෙන යන්නත් අපි පියවර ගන්නවා. සේවක පිරිස් තෘප්තිමත් වුණොත් තමයි ඔවුන්ගේ කාර්යය වඩාත් ඵලදායි වන්නේ” යැයිද අමාත්‍යවරයා පැවසීය.