පුද්ගලයන් 66 දෙනෙකු සමග අනතුරට පත් ඊජිප්තු ගුවන් සේවයේ MS804 දරණ යානය මධ්‍යධරණී මුහුද වෙත කඩා වැටීමට ප්‍රථම එක්වරම තියුණු හැරවීම් දෙකක් සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.
ග්‍රීසියේ ආරක්ෂක අමාත්‍ය පනෝස් කම්මෙනෝස් පවසන්නේ, එයාර්බස් 320 වර්ගයේ මෙම යානය කඩා වැටීමට පෙර වමට අංශක 90ක හැරවීමකුත්, දකුණට අංශක 360ක හැරවීමකුත් සිදුකර ඇති බවයි.
අනතුරුව, එම යානය රේඩාර් තිරයෙන් අතුරුදන් වීමට පෙර අඩි 25,000ක් ඉහළ අහසේ සිට සාගරය වෙත කඩා වැටී ඇති බවද අනාවරණය වී තිබේ.
මේ අතර, මෙය තාක්ෂණික දෝෂයකට වඩා ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ ඉඟියක් කියාපාන බව ඊජිප්තු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා පවසයි.
අනතුරට පත් යානයේ ගමන් කළ පුද්ගලයන් 66 දෙනාගෙන් වැඩි පිරිස ඊජිප්තු ජාතිකයන් හා ප්‍රංශ ජාතිකයන් බව කියයි.
මේ අතර, යානය සොයා සෝදිසි මෙහෙයුම් දියත්කළ කණ්ඩායම්වලට යානයේ සුන්බුන් කොටස් හා ජීවිතාරක්ෂක කබා කිහිපයක්ද හමුවී තිබේ.