මධ්‍යධරණී සාගරයට ඉහළින් පියාසර කරමින් සිටියදී පසුගිය මාසයේදී අනතුරට ලක්වූ ඊජිප්තු එයාර් ගුවන් සේවයට අයත් MS804 යානයේ නියමු කුටියේ කළු පෙට්ටිය සොයාගැනීමට හැකි වී තිබේ.
මෙම යානයේ සුන්බුන් සොයා මධ්‍යධරණී සාගරයේ සෝදිසි මෙහෙයුම්වලදී පසුගිය දින කිහිපයේදී සුන්බුන් විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබූ අතර, සාගර පතුලේ සිදුකළ පරීක්ෂා කිරීමේදී දැඩි ලෙස හානි වූ කළු පෙට්ටිය හමුවී තිබේ.
කෙසේ වෙතත්, එහි හඬ පටය සහිත කොටසට හානියක් සිදුව නොමැති බව එම පරීක්ෂණ කණ්ඩායම් කියයි.
එහිදී, යානයේ සුන්බුන් සෙවීම සඳහා සාගර පතුලට යවා ඇති රොබෝ යන්ත්‍රය එහි සුන්බුන්වල බොහෝ ඡායාරූප එවා ඇති බවද විදෙස් වාර්තා පවසයි.
මැයි 19 වැනිදා ප්‍රංශයේ පැරිස් නුවර සිට ඊජිප්තුවේ කයිරෝ බලා ගමන් කරමින් සිටියදී MS804 යානය පුද්ගලයන් 66 දෙනෙකු සමග අතුරුදන් වූ අතර, පසුව යානය සාගරයට කඩා වැටී ඇති බවත්, එහි ගමන් කළ සියලු දෙනා මිය යන්නට ඇති බවත් අනාවරණය වුණි.
කෙසේ වෙතත්, මෙම යානය කඩා වැටීමට හේතුව තවම සොයාගෙන නැති අතර, කළු පෙට්ටිය හමුවීමත් සමග එහි සැඟවුණු රහස් බොහෝමයක් අනාවරණය කරගැනීමට හැකිවනු ඇති බව විශ්වාස කෙරෙයි.