ප්‍රංශයේ පැරිස් නුවර සිට ඊජිප්තුවේ කයිරෝ දක්වා පියාසර කරමින් තිබියදී අතුරුදන් වූ ඊජිප්ට්එයාර් යානය කඩා වැටී ඇති බව ප්‍රංශ ජනපති ප්රංශුවා හොලන්දේ තහවුරු කරයි.
එයාර්බස් A320 වර්ගයේ, MS804 යානය කයිරෝ වේලාවෙන් 2.30 ට පමණ රේඩාර් තිරයෙන් අතුරුදන්ව ඇත්තේ එය ග්‍රීක ගුවන් සීමාවෙන් ඉවතට යෑමත් සමගිනි.
යානය අනතුරට පත්වන අවස්ථාවේදී එහි මගීණ් 56ක් සිට ඇති අතර, ඉන් තිදෙනෙකු කුඩා දරුවන් බව පැවසෙයි.
එමෙන්ම, කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු හා ආරක්ෂක අංශ සාමාජිකයන් තිදෙනෙකුද යානයේ ගමන් කරමින් සිට ඇත.
ප්‍රංශ ජනාධිපතිවරයා තහවුරු කරන්නේ යානය කඩා වැටී ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.
ඊජිප්තු හා ග්‍රීක ආරක්ෂක අංශවල සහභාගීත්වයෙන් යානය සොයා මධ්‍යධරණී මුහුදේ දැඩි සෝදිසි මෙහෙයුමක් දියත් කෙරුණු අතර, ඊට සහාය දැක්වීම සඳහා ප්‍රංශ ගුවන් යානා හා යාත්‍රාද යොදවා තිබූ බව විදෙස් වාර්තා පවසයි.