රුසියානු ජනපතිවරණයෙන් විශිෂ්ට ජයග්රහණයක් ලැබූ එහි වත්මන් ජනපති ව්ලැඩ්මීර් පුටින් වෙත සුබ පැතුම් එක්කිරීමට ජනපති මෙමත්රීපාල සිරිසේන මහතාත්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාත් කටයුතු කර තිබේ. සිය ට්විටර් ගිණුම් හරහා ඔවුන් සුබ පැතුම් එක් කර ඇත.
ජනපති මෛත්රිපාල සරිසේන මහතා පවසන්නේ රුසියානු ජනපතිගේ නව ධුර කාලයත් සමගින් රුසියාවේ වර්ධනයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට හැකි වෙනු ඇති බවයි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ රුසියානු හා ශ්රී ලංකා සබඳතා තවදුරටත් පවත්වාගෙන යෑමට බලාපොරොත්තුවන බවයි.