පසුගිය ආණ්ඩුව සමයේ ලබාගත් පොහොර වෙනුවෙන් අදාළපොහොර සමාගම් වෙත රුපියල් මිලියන 48,000ක හිඟ මුදලක් ගෙවීමට සිදුව තිබූ අතර,ඉන්රුපියල් මිලියන 36,000ක මුදලක් වත්මන් ආණ්ඩුව යටතේ මේ වනවිට ගෙවා නිම කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ හිඟ මුදල් වශයෙන් තවත් රුපියල් මිලියන 12,000ක මුදලක් පොහොර සමාගම් වෙත ගෙවීමට ඇති අතර, ඉදිරියේදී ඒවා ක්‍රමානුකූලව ගෙවීමට කටයුතු යොදා ඇති බවයි.
එසේම, පොහොර සහනාධාරය ලෙස ඇස්තමේන්තු කර ඇති රුපියල් මිලියන33,000ක මුදල ඉදිරියේදී දෙගුණයකින් වැඩි වනු ඇති බවට රජය උපකල්පනය කර ඇතැයි කී අමාත්‍යවරයා, අස්වැද්දීමට යෝජිත කුඹුරු අක්කර ප්‍රමාණය වර්ෂාව හේතුවෙන් දෙගුණයකින් ඉහළ යනු ඇති බවට විශ්වාස කෙරෙන බවද පැවසීය.
ඒ අනුව වගා කිරීමට යෝජිත කුඹුරු අක්කර ලක්ෂ 02ක ප්‍රමාණය, අක්කර ලක්ෂ 04 දක්වා ඉහළ යනු ඇති බවත්, එහිදී පොහොර සහනාධාරය වැඩි කිරීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් හෙතෙම පවසා සිටියේය.