MH370 බෙංගාල බොක්කේ බවටත් ඉඟියක් ලැබිලා?
පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානයේ සුන්බුන් බවට සැක කෙරෙන කොටස් රැඳි සාගර කලාපයක් නිශ්චය කරගැනීමට හැකි වූ බව ජියෝරිසෝනන්ස් නම් ඔස්ට්‍රේලියානු මුහුදු ගවේෂණ ඊයේ (29දා) සන්ධ්‍යාවේදී කියා සිටියේය.
දැනට ගුවන් යානයේ සෝදිසි මෙහෙයුම් සිදුකරන දකුණුදිග ඉන්දියානු සාගරයේ සිට කිලෝමීටර් 5,000ක් උතුරින් බෙංගාල බොක්ක ආශ්රිත සාගර පතුලක මෙම නිශ්චය කිරීම සිදුකර තිබේ.
එම සමාගම පසුගිය මාර්තු 10 වැනිදා සිට මේ දක්වා එකී මුහුදු කලාපයේ වර්ග කිලෝමීටර් 20,00,000 ක ප්‍රදේශයක් ගවේෂණය කර ඇති අතර, මේ සඳහා න්‍යෂ්ටික අවි සහ සබ්මැරීන සොයාගැනීමට යොදාගන්නා සංවේදක තාක්ෂණයක් භාවිත කළ බව ඔවුන් පවසා තිබේ.
එහිදී ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ තම සංවේදක තාක්ෂණයෙන් හඳුනාගත් කොටස් අතර බොයිං 777 වර්ගයේ ගුවන් යානයක් තැනීමට ගන්නා ලෝහ කොටස් පවතින බවය.
කෙසේ නමුත් මෙම කොටස් අතුරුදන් MH370 යානයේ ඒවාම බව ඔවුන් තවමත් තහවුරු කර නැත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

